ජාවා භාගත කර ගැනීම
ජාවා එඩිෂන්
ජාවා වලින් විවිධ වැඩ කල හැකි බව ඉහත post එකෙහි සදහන්ව ඇත. එසේ ව්ව්ධ කාර්ය්‍යන් කිරීම සදහා විවිධ package හෙවත් සංස්කරන ඇත. ඒවා ජාවා එඩිෂන් ලෙස හදුන්වයි. පහත දක්වා ඇත්තේ එවැනි එඩිෂන් කිහිපයකි. ඒවායින් අප භාවිතා කරනුයේ JavaSE ය.
- Java Standard Edition (javaSE) – පරිගනක වැඩසටහන් නිර්මණය කිරීම සදහා නිපදවා ඇති JavaSE මගින් පරිගනකය මත ධාවනය කල හැකි සාමාන්‍ය වැඩසටහන් නිර්මාණය කල හැක.
- Java Micro Edition (JavaME) – ඉලෙක්ට්‍රොනික උපකරන වල ඇති කුඩා ප්‍රමාණයේ පහසුකමකින් උපරිම ලෙස ප්‍රතිඵල ගත හැකි සේ නිපදවා ඇති උපකරණ ක්‍රියාකරවීමට යොදා ගනී. ජංගම උපකරණ සදහා බහුලව භාවිතා කෙරේ.
- Java Enterprise Edition (JavaEE) - අන්තර්ජාලය හා සම්බන්ධ සේවා සදහා ප්‍රොග්රැමින් කිරීමට භාවිතා කෙරේ.
ජාවා කට්ටලය භාගත කර ගැනීම
ජාවා ෆයිල් එකක් ක්ලාස් ෆයිල් එකක් බවට පරිවර්තනය වන ආකාරය හා ජාවා ක්‍රියාකාරීත්වය පිළිබද ඉහත post එකෙහි සදහන්ව ඇත.එහි දී මෙසේ ෆයිල් එකක් පරිවර්තනය කර ගැනීමට ජාවා ඩිවලප්මන්ට් කිට් (JDK – Java Development Kit ) එකක් පරිගනකය තුල ස්ථාපිත කරගත යුතුය.
මෙම වැඩසටහන භාගත කර ගත හැකි ක්‍රම කිහිපයකි.
වෙබ් බ්‍රව්සරයට (Web Browser) සහය දක්වන ඉන්ස්ටෝලර් වැඩසටහනක් හරහා භාගත කර ගැනීම එක් ක්‍රමයකි. මෙය ජාවා වෙබ් අඩවියෙන් පහසුවෙන් භාගත (download) කර ගත හැක. පහත ලින්ක් (link) එක භාවිතා කර එම වෙබ් අඩව්යට පිවිසිය හැක.මෙම වැඩසටහන සහය දකවන්නේ ක්‍රෝම් වෙබ් බ්‍රව්සරයටය.
https://www.java.com/en/download/index.jsp

ඔරකල් සමාගමේ වෙබ් අඩවියට පිවිස භාගත කර ගැනීම අනෙක් ක්‍රමය යි. ඒ සදහා පහත ලින්ක් (link) එක භාවිතා කරන්න.මෙහිදී තම පරිගනකයට ගැලපෙන වැඩසටහනක් භාගත කරගන්න
https://www.oracle.com/technetwork/java/javase/downloads/index.html

ජාවා සංස්කරණ
1991 සිට මේ දක්වා විවිධ ජාවා සංස්කරන කිහිපයක් හදුන්වා දී තිබේ. පහත දක්වා ඇත්තේ එම සංසකරණ හා හදුන්වා දුන් වර්ෂයි. Java 1.8 යනු ජාවා නවතම සංසකරණය යි. එම සංසකණර වලින් ඹ්නෑම සංසකරණයක් භාවිතා කලහැකි වුවද Java1.7 හෝ Java1.8 වැනි නවතම සංසකරණයක් භාවිතා කිරීම වඩාත් සුදුසුය. එය ඉදිරියේදී වඩාත් පහසු වේ
- Java (1991)
- Java 1.0 (1995)
- Java 1.1 (1997)
- Java 1.2 (1998)
- Java 1.3 (2000)
- Java 1.4
- Java 1.5
- Java 1.6 (2006)
- Java 1.7
- Java 1.8
Comments
Post a Comment