What is the Java - First Lesson(java with sinhala)

ජාවා ක්‍රම ලේඛන භාශාව




ජාවා යනු,


                                                                         ජාවා යනු ඉන්ටනෙට් පාදක කර ගත් ක්‍රම ලේඛන භාශාවකි.සන් මයික්‍රොසිස්ටම් (Sun Micro System) ආයතනයේ සේවය කල කැනේඩියානු ජාතික ජේම්ස් ගොස්ලින් විසින් 1991 වසරේ දී ජාවා ලේඛන භාශාව ලොවට හදුන්වා දුන්නේය. මේ වන විට ජාවා ක්‍රම ලේඛන භාශාව පිළිබද කටයුතු කරනුයේ සහ අයිතිය පවතින්නේ ඹරකල් කෝපරේෂන් (OracleCorporation) සමාගම සතුවය.මුල් කාලයේ දී පරීක්ෂණාගාරය ඉදිරිපිට තිබූ ඹ්ක් ගසේ නමින් ඹ්ක් (Oke) ලෙස නම් කෙරැනද මෙය ලොව පුරා සීඝ්‍රෙයන් වියාප්ත වීම නිසා වඩාත් ආකර්ශණීය නාමයක් ඇවැසි විය. එම නිසා පසු කාලය දී ජාවා (Java) ලෙස නම් කරන ලදි.

                                                                       මුල් කාලයේ දී කුඩා ඉලෙක්ට්‍රොනික උපකරණ පාලනයට යොදාගත් අතර පසු කාලීනව අන්තරජාලය තුල වඩාත් කාර්යක්ෂම අලංකාර අන්තර් ක්‍රියා (interactive) සහිත වෙබ් අඩවි නිර්මාණය සදහා භාවිතා කල නිසා මෙම භාශාව හැදෑරීමට බොහෝ දෙනා උනන්දු වූ අතර මේවන විට ජනප්‍රයම භාශාව බවට පත්ව ඇත. ජාවා ස්ක්‍රිප්ට් (Java Script) වෙබ් ඩිසයින් ලෙස හදුන් වන්නේ මෙලෙස HTML කේත තුලට ජාවා ඇප්ලට් යොදා නිර්මාණය කල වෙබ් පිටු වලටය.6 පරමිපරාවේ භාශාවක් වන ජාවා ක්‍රමලේඛන භාශාව ඕනෑම මෙහෙයුම් පද්දතියක් තුල පහසුවෙන් ක්‍රියාත්මක කල හැක (plate form independent) .එයට හේතුව වන්නේ ජාවා වල plate form එක සොෆ්ට්වෙයා (software) වලින් පමණක් සෑදී ඇති නිසාය. එය අනෙක් හාඩ්වෙයා (hardware) පදනම් වූ plate form මත ක්‍රියා කරයි. එමෙන්ම ජාවාඹබ්ජෙක්ට් ඹරියන්ටල් (object oriental) භාශාවක් නිසා ඕනෑම අයෙකුට පහසුවෙන් හැදෑරීමට හැකි අතර මෙම භාශාව තුල ලින ලද ක්‍රමලේඛන මගින් පරිගනකයට වියහැකි හානිය ඉතාම අවම මට්ටමක පවතී. මෙම කරැණු ද ජාවා වල ජනප්‍රයත්වය වැඩි වීමට බලපා ඇති බව නොඅනුමානය .තවද ජාවා යනු අක්ෂර සංවේදී (case sensitive) භාශාවක් නිසා ජාවා ලිවීමේදී ඒ පිළිබදවද සැලකිලිමත් විය යුතුය.

ජාවාවලින් කල හැකි දේ


                                                         ජාවා වලින් කල හැකි දේ බොහෝය. බ්ලූ රේ ප්ලේයර් (Blue Ray player) , ඒටිඑම් යන්ත්‍ර (ATM), පීඩිඒ (PDA) , වාහන ගුවන්යානා හා නැව් වල භාවිතා වන නැවිගේෂන් පද්ධති හා බොහෙමයක් ස්වයංක්‍රීයව ක්‍රියාත්මක වන යන්ත්‍ර සූත්‍ර ආදිය ක්‍රියාත්මක වනුයේ ජාවා වලින් ලියූ ක්‍රමලේඛයක් ඇසුරෙනි. මෙමගින් සීමිත පහසුකම් වලින් උපරිම ප්‍රතිඵල ලබාගත හැක. එම නිසා ජංගම දුරකතන ආදිය ප්‍රමානයෙන් කුඩා කර වුවද උපරිම පහසුකම් සහිතව නිර්මානය කිරීමට හැකිව ඇත. මෙම නිසා ජංගම දුරකතන ක්ෂේත්‍රය තුල සැලකිය යුතු ප්‍රසිද්ධියක් ලබා ගැනීමට ජාවා වලට හැකිව තිබේ.ජාවා දුරකතන සදහා යොදා ගැනීමේ ප්‍රවනතාව සෑම වසරක් පාසාම 31 ගුණයකින් පමණ වැඩි වේ.ජනප්‍රය පරිගනක ක්‍රීඩා බොහොමයක් ද සකසා ඇත්තේ ජාවා පාදක කර ගෙනය.

                                                        ජාවා ස්ක්‍රිප්ට් (Java Script)භාශාව සකසා ඇත්තේ ද ජාවා වල අභාශය ලබාගෙනය. මාර්ග ගත වෙලදාම් (online shopping) කිරීමට පහසුකම් සපයන සෑම වෙබ් පිටුවක්ම සකසා ඇත්තේ ජාවා ස්ක්‍රිප්ට් යොදා ගෙනය.ජාවා ස්ක්‍රිප්ට් මගින් සංකීර්ණ ගණනය කිරීම් කල හැකි වීම ඊට හේතුවයි. මෙසේ HTML කේත තුලට ජාවා ඇප්ලට් ඇතුලු කර ඉතා සංකීර්ණ අන්තර් ක්‍රියා සහිත වෙබ් පිටු නිර්මාණය කල හැක. පරිශීලකයා (user) විසින් වෙබ් අඩව්ය තුල කරන විවිධ ක්‍රියාකාරකම් වලට ප්‍රතිචාර දැක්විමට අවශ්‍ය නම් ඒ සදහා ද භාවිතා කරනුයේ ජාවා ස්ක්‍රිප්ට් ය. සර්ව්ලට් (servlets) හෙවත් ජේඑස්පී (JSP-java server pages) නිර්මාණය කිරීමටද උපයෝගී කරගෙන ඇත්තේ ජාවා ය.ෂොපින් කාට් (shopping carts) ඹන්ලයින් කැටලොග් (online catalogs) මෙන්ම පරිශීලකයින් පිලිබද ආදි විස්තර ඇතුලත් දත්ත සමුදා (data base) වෙබ් අඩවි හා සම්බන්ද කිරීමටද මෙමගින් හැක්යාව ලැබී ඇත. එම නිසා පරිශීලකයන්ට වෙබ් අඩවි වලට ප්‍රව්ශ්ඨ (log / sing in) වි අවශ්‍ය කටයුතු කර ගැනීමට පහසුකම් සැපයීමට වෙබ් අඩව්වලට හැකියාව ලැබී ඇත.

ජාවා ක්‍රියාත්මක වන ආකාරය


                                                        ජාවා මූලාශ්‍ර කේත (source code) පවතින්නේ .java එක්ස්ටෙන්ෂන් (extension) එක සහිතවය. එය ජාවා කම්පයිලර් (java compiler) එක යොදා .class ෆයිල් එකක් බවට කම්පයිල් කර ගනී. එය බයිට් කෝඩ් (byte code) එකක් ලෙස හදුන්වයි මෙය ද්විමය යෙදවුමක් හෙවත් බයිට්කෝඩ් බයිනරි ඇප්ලිකේෂන් එකකි. එනම් මෙය අතරමැදි අවස්ථාවකි. එම නිසා මෙය ධාවනය කල නොහැක.එමෙන්ම මෙය නැවත විවෘත කලද අපට තේරැම්ගත නොහැකි අක්ෂර හා සංඛේත වලින් සමන්විත වන බව පේනේ. මෙම ෆයිල් එක ධාවනය කිරීමට ජාවා රන්ටයිම් එන්වයමන්ට් (JRE – java runtime Environment) නම් විශේෂ පරිසරයක් තුල ධාවනය කල යුතු ය. JRE වර්ග කිහිපයක් තිබෙන නිසා මෙහෙයුම් පද්ධතියට ගැලපෙන JRE එක ඉන්ස්ටෝල් (install) කර ගත යුතුය. මෙම නිසා ජාවා ක්‍රමලේඛකයක් ඹ්නෑම මෙහෙයුම් පද්ධතියක් තුල ධාවනය කල හැක. .class ෆයිල් එක පරිගනකයට වටහාගත හැකි එක්ස්ටකියුට් ෆයිල් (.exe) එකක් බවට පත් කිරීම ඉන්පසුව සිදුවේ.එය කෙරෙන්නේ ජාවා වර්චුවල් මැෂින් (JVM – java virtual machine) හෙවත් ජාවා වීඑම් (java VM) මගිනි.මෙය JRE එක තුලම පවතින අතර ඹ්නෑම මෙහෙයුම් පද්ධතියක් සමග ක්‍රියාත්මක වේ.Java instruction set හා memory manipulation යන කොටස් මෙහි ඇතුලත් වේ. මෙසේ .class ෆයිල් එකක්.exe එකක් බවට පත් කරනුයේ ජාවා ඉන්ටප්‍රිටර් (java interpreter) මගිනි. මේ පිලිබද තවදුරටත් ඉදිරි පාඩම් අධ්‍යනයෙන් හැදෑරිය හැක.

Comments